Powered by Blogger.

New Movies,Upcoming Movies

You can get the latest information about the latest movies and upcoming movies with this blog. We give information about upcoming movies of the week. Stay tunned with us....

Always Latest Stuff

We always give latest stuff quickly to you. And now we are updating the blog with latest stuff. So stay tunned with us. It is better to have a bookmark of our site on your computer..

Thank you for visiting us

This is a new blog which is trying to give latest details in many sections to you. We are trying on our best to add new posts as possible. So keep visiting our blog. Thank you.

Follow us on Twitter

Now we are connected with Twitter. We invite you to follow us on Twitter. twitter.com/LatestStuffen is our Twitter page.

Like us on Facebook

We are connected with Facebook now. We will update our Facebook page with our blog posts. Like our page and invite your friends to like our page and help us to build our audience. Thank you for visiting our blog. Keep visiting...

Thursday, August 9, 2012

දි ඇවෙන්ජර්ස්(The Avengers) චිත්‍රපටයෙන් රූපවාහිනී කතා මාලාවක්(TV Series) නිපදවීමට සූදානමක්...





          දි  ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, මාවල් චිත්‍රාගාරය(Marvel Studios) දි  ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන්(The Avengers) TV Series 1ක්(රූපවාහිනී කතා මාලාවක්) නිපදවීමට සූදානමක් ඇති බවට තොරතුරු පලවී තිබේ. එය ABC නාලිකාවේ විකාශය කිරීමට සැලසුම් කර තිබේ. මේ ව්‍යාපෘතිය තවමත් පවතින්නේ මූලික අවදියේයි. ඒ නිසා මාවල් සමාගම මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කොට නැත. තොරතුරු වාර්තාවෙන ආකාරයට නම්  චිත්‍රපටය සහ රූපවාහිනී කතා මාලාව අතර ඍජු සම්බන්ධයක් නොමැති වීමේ වැඩි ඉඩක් තියෙනවා. මේ අලුත් TV Series 1 ත් සමඟ අවුරුදු 30 ක TV Series නිහැඬියාව Marvel විසින් බිඳ තියෙනවා. ඒ අනුව අවුරුදු 30 කට පසු Marvel චරිතයක් නැවත රුපවාහිනීගත වෙනවා. අන්තිමටම Marvel Studios විසින් කරපු TV Series එක තමයි 'The Incredible Hulk' .
                වාර්තාකරුවන් වාර්තා කරන ආකාරයට චිත්‍රපටයේ අඩංගු යම් දේවල් සහ තේමාව TV Series එකටද යොදා ගන්න ඉඩක් තියෙනවා. එත් චිත්‍රපටිය ගෙඩිය පිටින් ටෙලි නාට්‍යකට නගන්න නම් අදහසක් නැහැ කියලයි වාර්තා වෙන්නේ. ඇත්තෙන්ම එහෙම කෙරුවොත් එකේ කිසි වටිනාකමකුත් නැහැනේ. ඒ නිසා මේ 2 අතරේ අනිවාර්යෙන්ම යම් යම් වෙනස්කම් තියෙයි. ඔවුන් මේ චිත්‍රපටියේ චරිත එහෙම පිටින්ම TV Series එකට නොගෙන වෙනස්කම් කීපයක් සමග ඉදිරිපත් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒ අනුව TV Series එකේදී චිත්‍රපටියේ ඉන්න චරිත හලලා(අයින් කරලා) චිත්‍රපටියේ නැති වෙනත් චරිත ඉදිරිපත් කරන්න පුලුවන්. සමහරු සඳහන් කරනවා ABC නාලිකාව නම් වැඩියේ කැමති වෙයි චිත්‍රපටියේ තියෙන කතාව හෝ Marvel Comics Books (Marvel චිත්‍ර කතා පොත්වල තියෙන)වල තියෙන කතාවක් TV Series එකට ගන්නවට වඩා අලුතින්ම කතාවක් හදනවා නම් කියලා. කෙසේවෙතත් දැනට නම් පලවෙලා තියෙන තොරතුරු ප්‍රමාණවත් නැති නිසා මේවා ගැන වැඩිදුර, ස්ථීර තොරතුරු කියන්න අමාරුයි. අනික Marvel Studios කස්ටියට මේ දවස්වල මීට වඩා වැදගත් වැඩක් තියෙනවනේ. ඒ තමයි Spider-Man 4(The Amazing Spider-Man) චිත්‍රපටියේ වැඩ කටයුතු. අනිත් කාරනාව Marvel Studios වල ඉදිරි වැඩ කටයුතුවලින් දැන් අවදානය යොමු කරලා තියෙන්නේ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The Winter Soldier කියන ඉදිරියේදී පැමිණෙන චිත්‍රපට 3 ටයි. ඒ නිසා මේ ගැන තොරතුරු සීමිතයි. නමුත් ඉදිරියේදී මේ ගැන තව තොරතුරු ඔවුන් ලබාදෙයි.  



තම ස්ථානය තහවුරු කරගත් ලොව වේගවත්ම මිනිසා-උසේන් බෝල්ට්



නැවතත් තම ස්ථානය තහවුරු කරගත් ජැමෙයිකානු ක්‍රීඩක උසේන් බෝල්ට් මෙවරද ලොව වේගවත්ම මිනිසා තමන් බව ඔප්පු කොට අවසානයි. මෙවර තරගයේදී තවත් විශේෂත්වයක් වනුයේ ඔහු විසින් කලින් පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව නැවතත් අලුත් කිරීමයි. ඔහුට ඒ සඳහා තත්. 9.63 ක් වැය විය. ඔලිම්පික් උළෙල ඇරඹීමට ප්‍රථම ප්‍රසිද්ධියේ අනෙක් තරඟකරුවන්ට තම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහු පවසා තිබුනේ "පුළුවන් නම් මාව අල්ලන්න" ලෙසිනි. කෙසේ හෝ තමා පැවසූ වදන් හිස් වචන වීමට ඉඩ නොතබමින් කියූ දේ ක්‍රියාවෙන්ද පෙන්වීමට ඔහු සමත් විය.

පහල තියෙන්නේ උසේන් බෝල්ට්ගේ 100m අවසාන තරගේ video 1 ක්.





100m ජයග්‍රහණය ලැබූ මොහොතේ සතුටුවෙමින්


යොහාන් බ්ලේක් සමඟ 100m ජයග්‍රහණ සතුට බෙදාගනිමින්


මගේ අදහස්

                මම සාමාන්‍යයෙන් එක එක ශිල්ප පෙන්නන වැඩ වැඩ කිඩ දාන(සරලව කිව්වොත් ලොකුකමට එක එක action දාන)උදවියට වැඩි කැමති නෑ. එත් මේ උසේන් අයියගේ නම් ඒ වැඩ කෑලිවල මොකක්දෝ අමුත්තක් තිබුනා. අනිත් කාරනාව කොච්චර ශිල්ප දැම්මත්, ශිල්ප වගේම වැඩත් තියෙන නිසා බෝල්ට් නිකන් කයිවාරුකාරයෙක් කියල කියන්නත් බෑ. කොහොමහරි මමත් බෝල්ට්ගේ රසිකයෙක් එක්තරා ආකාරෙකට. කවුරු කොහොම හිතුවත්, කිව්වත් උසේන් බෝල්ට්ට අභියෝග කරන්න කෙනෙක් නෑ කියල මේ පාරත් ඔප්පුවුණා. 2012 අගෝස්තු 10 වෙනිදා ලංකාවේ වේලාවෙන් පාන්දර 1.25 ට 200m අවසාන තරගේ තියෙන්නේ. එකත් උසේන් ජයගනියි කියලා  හිතනවා. සමහරවිට වාර්තාවත් අලුත් කරන්න ඉඩ තියෙනවා. ගොඩාක් අය හිතුවා 100m අවසානේ තරගේ ටයිසන් ගේ හරි යොහාන් බ්ලේක් හරි බෝල්ට්ගේ ආදිපත්‍ය බිඳියි කියලා. මටත් වෙලාවකට පොඩ්ඩක් සැක හිතුනා. එත් ඒවා එහෙම නෙමෙයි කියලා උසේන් කොලුවා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. කොහොමින් කොහොමහරි ටයිසන් ගේට නම් බලාපොරොත්තු අත අරින්න වුනා. ඒ වෙනුවට ගැට්ලින් තමයි ඒ ස්ථානය ගත්තේ. යොහාන් බ්ලේක්ටනම් පැහැදිලි අනාගතයක් තියෙන බව පේනවා. උසේන්  විශ්‍රාම ගියහම ඒ තැන ගන්න යොහාන්ට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එත් ඒවා අනාගත කතානේ. දැනට තියෙන තත්වේ අනුව නම් උසෙන්ට අභියෝග කරන්න කිසිවෙක් නෑ. මේක උසේන් හොඳටෝම දන්නවා. එක නිසයි කැමරා පෙන්නන්න බෑ වගේ දකින දකින කැමරාවට මූණ අල්ලලා එක එක වැඩ කිඩ ඉදිරිපත් කරන්නේ. වෙලාවකට නටනවා, භය කරන්න හදනවා, උඩ පනිනවා එකම කෝලම් ගොඩයි. සමහරුන්ට මයික් (microphone-mic) පේන්න බෑ ගිරිය පුප්පන් කෑගහන්න හදනවනේ(මයික් ටයිසන් ලා කියලත් මේ යට අපේ සරල ව්‍යවහරේ කියනවා.) ඒවගේ තමයි මේ උසේන්ටත් කැමරා පේන්න බෑ. විවිධ හැඩතල මවනවා. සරලව කිව්වොත් කැටයම් දෙයියෙක්. එත් ඒවා තුල අනිත් අයගේ වගේ ලොකු කම නම් නැහැයි කියලා මම හිතනවා. ක්‍රිකට් තරුවක් වෙන්න හීන මවමින් ඉදලා අහම්බෙන් මලල ක්‍රීඩාවලට යොමු වෙලා, ලොවක් කැලඹු මේ තරුණ ක්‍රීඩකයාට හොද අනාගතයකුත් , තව තවත් වාර්තා තබමින් ක්‍රීඩා ලොව ජයගැනීමේ හැකියාවත් ලැබේවා කියලා අපි පතනවා...


යාවත්කාලීන කිරීම (update) :
උසේන් බෝල්ට් 200m අවසාන තරගයද ජයගත් අතර 1,2,3 යන ස්ථාන 3ම ජැමෙයිකාවට හිමිවීම මෙම තරගයේ විශේෂත්වයක් වුනා. ඒ අනුව රන් පදක්කම උසේන් බෝල්ටද(තත්. 19.32), රිදී පදක්කම යොහාන් බ්ලේක්ටද(තත්. 19.44), ලෝකඩ පදක්කම වැරන් වියර්ටද(තත්. 19.84) හිමි වුනා. එසේම පිට පිට දෙවතාවක් ප්‍රධාන කෙටි දුර ධාවන තරග 2 ඔලිම්පික් රන් පදක්කම් දිනූ ලොව එකම ක්‍රීඩකයා බවට උසේන් පත්වුනා.

Sunday, August 5, 2012

ලොව ප්‍රථම වතාවට SMS ආරක්ෂාකරගැනීමේ ක්‍රමයක් (SMS encode) ලංකාවෙන්..



          මෙතෙක් කලක් අප කවුරුත් අතොරක් නැතුවම පාවිච්චි කරන SMS වල ආරක්ෂාව කියන පැත්ත ගැන තිබුනේ අඩු අවදානයක්. ඒ වගේම එතරම් සාර්ථක නොවුණු ආරක්ෂක ක්‍රම තමයි මෙතෙක් භාවිතා වුනේ. මුල් කාලයේදී මෙන් අදටත් SMS වැඩිපුර භාවිතා වන්නේ ගොඩක් වෙලාවට පෞද්ගලික කටයුතු සඳහායි. ඒ පෞද්ගලික කාරණා අතුරෙනුත් මම හිතන්නේ වැඩිපුරම පාවිච්චි වුනේ පෙම් පල හිලව් වලටම තමයි(ඒ කියන්නේ අපේ කොල්ලෝ,කෙල්ලෝ අතර පණිවිඩ හුවමාරුවට). ඒ නිසා මේ යවන SMS වල ආරක්ෂාව ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැතිවුනා වෙන්න පුළුවන්. SMS වල වැදගත්ම භාවිතාව තමයි හදිසි පණිවිඩ කෙටියෙන් පැවසීමට යොදා ගැනීම. ඒ ඒ නිසා පසුකාලීනව මේ SMS යුධමය සහ ආරක්ෂක කටයුතු, පණිවිඩ සඳහා යොදාගැනීමේ හැකියාව ගැන එක එක අය හොයා බැලුවා. එතනදිත් පරහට හිටියේ මේ ආරාක්ෂාව මදිකම තමයි. ඒ වගේම මේ SMS  කියවන විට තවත් කෙනෙකුට මේ පණිවිඩය හොර රහසේම ලබාගැනීමේ හැකියාවකුත් තියෙනවා. (එක්තරා ආකාරයක hack කිරීමක් තමයි. කොරන්නේ කොහොමද කියලා නම් අහන්නෙපා ඔන්න. නමුත් ඒක පුළුවන්.) 
              ඉතින් ඔහොම කාලය ගෙවීගෙන යනකොට තමයි අපේ ලංකාවේ කොල්ලෝ ටිකක් මේකට පිලියමක් හොයාගත්තේ. දැනගන්න ලැබෙන විස්තර අනුව කොළඹ රාජකීයේ ළමයි කට්ටියක් තමයි මේ ක්‍රමේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන විස්තරයක් ඊයේ (2012-08-05) ස්වර්ණවාහිනියේ Live at 8 එකටත් කිව්වා. මේකෙදි වෙන්නේ මේකයි. අපි තව කෙනෙකුට මේ ක්‍රමේ හරහා SMS 1 ක් යවනකොට ලබන්නාට එක ලැබෙන්නේ encode වුනු එහෙමත් නැත්නම් සංකේත වලට හැරුණු පණිවිඩයක්. එතකොට තව කෙනෙක් මේක දැක්කත් එයාට කියවන්න බෑ. (දකින කෙනාට හිතෙන්නේ "මේ මොකක්ද මේ අන්ඩර දෙමලේ. පොඩි කාලේ ඇඳපු කුරුටු චිත්‍ර වගේනේ" කියලා. ඒ කෙනාට පෙන්නේ කොටු ටිකක්.) මේ SMS පණිවිඩය යථා තත්වෙට එහෙමත් නැත්නම් කියවිය හැකි ආකාරෙට ගන්න pin code 1 ඕනා වෙනවා.(දැන් හොර වැඩ, පව් වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. pin[පින්] code එක ඉල්ලනවනේ.) ඉතින් ඒ නිසා මේ SMS පණිවිඩය තව කෙනෙකු අතට පත්වීම, තව කෙනෙකු දැකීම වැළකෙනවා.(මේක නම් අපිටම කියාපු system එක නේද ?? ) මේකේ අනිත් වාසිය තමයි මේ පණිවිඩය යන අතරතුර තව කෙනෙකුට hack කරන්න බැරිවීම. මේ නව ක්‍රමය නිසා යුධමය කටයුතුවලදී පවා මේ ක්‍රමය යොදාගත හැකියි. එකට තව පොඩ්ඩක් දියුණු කරන්න වේවි සමහරවිට. නමුත් මෝස්‌ කේත ක්‍රමේට කොට කොට ඉන්නැතුව, වෝකි ටෝකි උස්සන් දුවන්නැතුව බොහොම පහසුවෙන් ජංගම දුරකථනය හරහා පණිවිඩ යවන්න පුළුවන් වෙයි. (දැන් අහන්නෙපා යුද්ද කොර කොර ඉන්න අස්සේ පණිවිඩ දෙන්න කොහොමද ෆෝන් උස්සන් SMS කොටන්නේ ? කියලා. ඒවාට තමයි හමුදාවල එක එක කේත(code) systems තියෙන්නේ. එතකොට පණිවිඩ යවන්නේ කෙටියෙන්. අපි SMS යවනවා වගේ හෑලි යවන්න ඕනා නැහැ.) ශ්‍රී ලාංකිකයෝ විදිහට මේකේ අපිට වැදගත්ම කාරනාව වෙන්නේ මේ ක්‍රමේ නිර්මාපකයෝ අපේ රටේ අය වීම. දැනගන්න තිබෙන විස්තර වල හැටියට රාජකීය විදුහලේ උසස් පෙළ හදාරන සිසුන් 3 ක් තමයි මේ ක්‍රමේ හඳුන්වා දීල තියෙන්නේ. (මම වැරදියි නම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා.) මේ නිර්මාණය  ඒගොල්ලෝ ජාත්‍යන්තර තරගෙකටත් ඉදිරිපත් කරලා. එකෙන් මෙයාලට 2 වෙනි තැනත් හම්බෙලා තියෙනවා. ඉතින් මේක අපේ රටට ලොකු ආඩම්බරයක් නේද. හැබැයි මේකේ කනගාටුදායක කරුණ නම් මේ ක්‍රමයේ Patent බලපත්‍රය ගන්න යන්නේ ඇමෙරිකානු සමාගමක් වීම. ලංකාවේ සමාගමක් මේ දේට උනන්දු වුනානම් මේකේ නිර්මාණය කිරීම වගේම අයිතියත් අපේ රටට ගන්න තිබුනා. සමහරවිට මේකට ලොකු මූල්‍ය පිරිවැයක් දරන්න වෙන නිසා එක අපේ සමාගමකට දරන්න බැහැ කියලා හිතලා ඇමෙරිකානු සමාගමකට මේකේ අයිතිය ලබාදෙන්න සිදුවුනා වෙන්නත් පුළුවන්.(එකට පැහැදිලි හේතුව මොකක්ද කියලා විස්තරයක් තවම දැනගන්න නෑ. ඉදිරියේදී ඒ ගැනත් විස්තර කියවෙයි.) කොහොම වෙතත් මේ වගේ උසස් නිර්මාණ මින් මතුවට අපේ රටේම තියාගන්න එහෙමත් නැත්නම් මේවාගේ නිර්මාණවල Patent අයිතියත් අපේ රටටම ගැනීමට උත්සාහ කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මගේ හැගීම. කොහොම වෙතත් අපි මුළු හදවතින්ම සුබ පතනවා ඒ සහෝදරයන්ට තව තවත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ලැබේවා! කියලා. ඒවගේම මේ රටේ තව මේ වගේ දක්ෂ තරුණ තරුණියන්ටත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න ලැබේවා! කියලා ශ්‍රී ලාංකිකයෝ විදියට අපි පතනවා.                             


(මේ ගැන ඔබට දැනෙන අදහස් ඕනෑම දෙයක් comment එකකින් පල කරන්න. ඒවා අපිට ලොකු හයියක්. ඒ වගේම ඔබ මේ ගැන මොනා හරි යමක් දන්නවානම්, ඒකත් comment එකකින් එකතු කරන්න කියලා ඉල්ලනවා. ඒක මේ ලිපිය කියවන හැමෝටම ලොකු උදව්වක් වේවි.)

(තවම නම් ලිපි 2 යි පල කරලා තියෙන්නේ. එත් ඉදිරියේදී තව දේවල් ගොඩක් අරන් එන්න ඉන්නේ.ඒ නිසා අපේ බ්ලොග් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපෝ.. මේකේ post 2 යිනේ තියෙන්නේ කියලා හිතලා ආපසු නෑවිත් ඉන්නේපා. ඉක්මනින්ම අපි තව තව ලිපි පල කරනවා. මේක පටන් අරන් තවම දවස් කීපයයි. ඒ නිසා පොඩි කාලයක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ අතරතුර අපේ බ්ලොග් ඒක ගැන ඔයාලගේ යාලුවන්ටත් දැනුම් දෙන්න. මේ ලිපිය එයාල අතරත් බෙදාගන්න. මේක ලංකාවේ අපිට ගොඩාක් වැදගත් දෙයක් නේ නේද. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. බොහොම ඉක්මනින් බ්ලොග් එකට මුහුණු පොතේ(Facebook එකේ) පිටුවක් හදන්නම්. එතකොට ඔයාලාට මේ විස්තර මීටත් වඩා හොඳට යාලුවෝ එක්ක share කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපේ බ්ලොග් එක එක්ක රැදී  ඉන්න.. තවත් ලිපියකින් හමුවෙමු.)




Saturday, August 4, 2012

The Amazing Spider-Man


  

The Amazing Spider-Man යනු Spider-Man චිත්‍රපට මාලාවේ 4 වන චිත්‍රපටියයි. Sony Pictures සමාගම පවසන පරිදි මෙය Spider-Man චිත්‍රපට මාලාවේ නව ආරම්භයකි. අධ්‍යක්ෂකගේ පටන් කාර්ය මණ්ඩලය සහ නළු නිළියන් පවා මෙහිදී වෙනස්ය. මෙම චිත්‍රපටයේදී පීටර් පාකර්(ඇන්ඩ්රූ ගාර්ෆීල්ඩ්) තමාගේ කුඩා කාලයේදී සිදුවූ දෙමාපියන්ගේ අතුරුදහන්වීම පසුපස හඹා යයි. දෙමාපියන්ගේ අතුරුදන්වීමෙන් පසු බෙන් මාමා(මාර්ටින් ෂීන්) සහ නැන්දා(සැලී ෆීල්ඩ්) ඔහුගේ භාරකාරයන් බවට පත්වේ. තම දෙමාපියන්ට සිදුවූ දෙය පිලිබඳ සොයමින් සිටින ඔහුගේ සිත, මේ අතරතුර ග්වේන්(එමා ස්ටෝන්) වෙත ඇදී යයි. ඉන්පසු ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවන අතර දෙදෙනාටම එක්ව බොහෝ දේවලට මුහුණ දීමටද සිදුවේ. මේ අතරතුර පීටර්ට රහසිගත බ්‍රීෆ් කෙස් එකක් හමුවේ. එය ඔහුව, ඔහුගේ පියාගේ කටයුතුවල සහයකයෙකු වූ ආචාර්ය කොනර්ස්ගේ(රිස් ඉෆාන්ස්) විද්‍යාගාරය වෙත යොමු කරවයි. ආචාර්ය කොනර්ස්ගේ සහ කටුසු මිනිසාගේ(The Lizard) සම්බන්ධය කුමක්ද ? Spider -Man සහ කටුසු මිනිසා අතර සටනක් ඇතිවේද ? Spider -Man ට කුමක් සිදුවේද ? මේවාට පිළිතුරු චිත්‍රපටය නැරඹීමේදී දැනගන්න පුළුවන්. මුළු කතාවම දැනගත්තම වැඩකුත් නැහැනේ.


තවමත් මේ චිත්‍රපටයේ DVDRip හෝ BRRip පිටපතක් නෑ. Cam පිටපතක් (Camera කොපියක්-TS) විතරයි තියෙන්නේ. මේ link එකෙන් එක බාගන්න. 

The Amazing Spider-Man TS 500MB


නිකුත්වන/නිකුත්වූ දිනය :  
2012 ජූලි 3

අධ්‍යක්ෂක                      :  
මාර්ක් වෙබ්

තිර රචනය                     :  
ජේම්ස් වැන්ඩර්බිල්ට්, ඇල්වින් සාර්ජන්ට්, ස්ටීව් ක්ලොව්ස්, ස්ටෑන් ලී, ස්ටීව් ඩිට්කෝ

නළු නිළි කැල                 : 
ඇන්ඩ්රූ ගාර්ෆීල්ඩ්  - පීටර් පාකර් / Spider-Man
එමා ස්ටෝන් - ග්වේන් ස්ටැසි
රිස් ඉෆාන්ස් - ආචාර්ය කොනර්ස් / The Lizard
මාර්ටින් ෂීන්
සැලී ෆීල්ඩ්
ඩෙනිස් ලෙරී

චිත්‍රාගාරය                       :  
මා'වල් එන්ටර්ටේන්මන්ට්(Marvel Entertainment)

නිෂ්පාදනය                     :  
කොලුම්බියා පික්චර්ස් (Columbia Pictures)

බෙදාහැරීම                      :  
සෝනි පික්චර්ස්(Sony Pictures)

ධාවන කාලය                  :  
විනාඩි 136

භාෂාව                             :  
ඉංග්‍රීසි(English)

වර්ගීකරණය                   :  
ක්‍රියාදාම, ත්‍රාසජනක, මන:කල්පිත, වීර කතා

3D චිත්‍රපටයක්ද යන වග  :  
3D සහ IMAX 3D තාක්ෂණවලින්    

Rating(MPA තක්සේරුව): 
ක්‍රියාදාම සහ ප්‍රචණ්ඩත්වය මතුවන දර්ශන නිසා.

ඡායාරූප



පූර්ව ප්‍රචාරක පටය (Trailer)




නිළ වෙබ් අඩවිය(Official Site)     :  
theamazingspiderman.com

ෆේස්බූක්(Facebook)           : 
http://www.facebook.com/theamazingspiderman

යූටියුබ් (Youtube)            :  
http://www.youtube.com/user/spidermanmovie

IMDB පිටුව       :  
http://www.imdb.com/title/tt0948470/

විකිපීඩියා (Wikipedia) පිටුව 
http://en.wikipedia.org/wiki/The_Amazing_Spider-Man_(2012_film)

(පින්තූර මූලාශ්‍ර[Picture Sources] - www.wikipedia.org , http://www.facebook.com/theamazingspiderman සහ සමහර පින්තුර මා capture කල ඒවා වේ.)