
දි ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, මාවල් චිත්‍රාගාරය(Marvel
Studios) දි ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙන්(The Avengers) TV Series 1ක්(රූපවාහිනී කතා මාලාවක්) නිපදවීමට
සූදානමක් ඇති බවට තොරතුරු පලවී තිබේ. එය ABC නාලිකාවේ විකාශය කිරීමට
සැලසුම් කර තිබේ. මේ ව්‍යාපෘතිය තවමත් පවතින්නේ මූලික අවදියේයි. ඒ නිසා
මාවල් සමාගම මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කොට නැත. තොරතුරු
වාර්තාවෙන ආකාරයට නම් චිත්‍රපටය සහ රූපවාහිනී කතා මාලාව අතර ඍජු
සම්බන්ධයක් නොමැති වීමේ වැඩි ඉඩක් තියෙනවා. මේ අලුත් TV Series 1 ත් සමඟ
අවුරුදු 30 ක TV Series නිහැඬියාව Marvel විසින් බිඳ තියෙනවා. ඒ අනුව
අවුරුදු 30 කට පසු Marvel චරිතයක් නැවත රුපවාහිනීගත වෙනවා. අන්තිමටම Marvel Studios විසින් කරපු TV Series එක තමයි 'The Incredible Hulk' .
වාර්තාකරුවන් වාර්තා කරන ආකාරයට චිත්‍රපටයේ අඩංගු යම් දේවල් සහ තේමාව TV Series එකටද යොදා ගන්න ඉඩක් තියෙනවා. එත් චිත්‍රපටිය ගෙඩිය පිටින් ටෙලි
නාට්‍යකට නගන්න නම් අදහසක් නැහැ කියලයි වාර්තා වෙන්නේ. ඇත්තෙන්ම එහෙම
කෙරුවොත් එකේ කිසි වටිනාකමකුත් නැහැනේ. ඒ නිසා මේ 2 අතරේ අනිවාර්යෙන්ම යම්
යම් වෙනස්කම් තියෙයි. ඔවුන් මේ චිත්‍රපටියේ චරිත එහෙම පිටින්ම TV Series
එකට නොගෙන වෙනස්කම් කීපයක් සමග ඉදිරිපත් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒ අනුව TV
Series එකේදී චිත්‍රපටියේ ඉන්න චරිත හලලා(අයින් කරලා) චිත්‍රපටියේ නැති
වෙනත් චරිත ඉදිරිපත් කරන්න පුලුවන්. සමහරු සඳහන් කරනවා ABC නාලිකාව නම්
වැඩියේ කැමති වෙයි චිත්‍රපටියේ තියෙන කතාව හෝ Marvel Comics Books (Marvel
චිත්‍ර කතා පොත්වල තියෙන)වල තියෙන කතාවක් TV Series එකට ගන්නවට වඩා
අලුතින්ම කතාවක් හදනවා නම් කියලා. කෙසේවෙතත් දැනට නම් පලවෙලා තියෙන තොරතුරු
ප්‍රමාණවත් නැති නිසා මේවා ගැන වැඩිදුර, ස්ථීර තොරතුරු කියන්න අමාරුයි.
අනික Marvel Studios කස්ටියට මේ දවස්වල මීට වඩා වැදගත් වැඩක් තියෙනවනේ. ඒ
තමයි Spider-Man 4(The Amazing Spider-Man) චිත්‍රපටියේ වැඩ කටයුතු. අනිත් කාරනාව Marvel Studios වල ඉදිරි වැඩ කටයුතුවලින් දැන් අවදානය යොමු
කරලා තියෙන්නේ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The
Winter Soldier කියන ඉදිරියේදී පැමිණෙන චිත්‍රපට 3 ටයි. ඒ නිසා මේ ගැන
තොරතුරු සීමිතයි. නමුත් ඉදිරියේදී මේ ගැන තව තොරතුරු ඔවුන් ලබාදෙයි.
Tweet


0 අදහස් සහ ප්‍රතිචාර
Post a Comment