නැවතත් තම ස්ථානය තහවුරු කරගත් ජැමෙයිකානු ක්‍රීඩක උසේන් බෝල්ට් මෙවරද ලොව
වේගවත්ම මිනිසා තමන් බව ඔප්පු කොට අවසානයි. මෙවර තරගයේදී තවත් විශේෂත්වයක්
වනුයේ ඔහු විසින් කලින් පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව නැවතත් අලුත්
කිරීමයි. ඔහුට ඒ සඳහා තත්. 9.63 ක් වැය විය. ඔලිම්පික් උළෙල ඇරඹීමට ප්‍රථම ප්‍රසිද්ධියේ අනෙක් තරඟකරුවන්ට තම
අභියෝගය ඉදිරිපත් කරමින් ඔහු පවසා තිබුනේ "පුළුවන් නම් මාව අල්ලන්න" ලෙසිනි. කෙසේ හෝ තමා පැවසූ වදන් හිස් වචන වීමට ඉඩ නොතබමින් කියූ දේ
ක්‍රියාවෙන්ද පෙන්වීමට ඔහු සමත් විය.
පහල තියෙන්නේ උසේන් බෝල්ට්ගේ 100m අවසාන තරගේ video 1 ක්.
100m ජයග්‍රහණය ලැබූ මොහොතේ සතුටුවෙමින්
යොහාන් බ්ලේක් සමඟ 100m ජයග්‍රහණ සතුට බෙදාගනිමින්
මගේ අදහස්
මම සාමාන්‍යයෙන් එක එක ශිල්ප පෙන්නන වැඩ වැඩ කිඩ දාන(සරලව කිව්වොත් ලොකුකමට එක එක action දාන)උදවියට වැඩි කැමති නෑ. එත් මේ උසේන් අයියගේ නම් ඒ වැඩ කෑලිවල මොකක්දෝ අමුත්තක් තිබුනා. අනිත් කාරනාව කොච්චර ශිල්ප දැම්මත්, ශිල්ප වගේම වැඩත් තියෙන නිසා බෝල්ට් නිකන් කයිවාරුකාරයෙක් කියල කියන්නත් බෑ. කොහොමහරි මමත් බෝල්ට්ගේ රසිකයෙක් එක්තරා ආකාරෙකට. කවුරු කොහොම හිතුවත්, කිව්වත් උසේන් බෝල්ට්ට අභියෝග කරන්න කෙනෙක් නෑ කියල මේ පාරත් ඔප්පුවුණා. 2012 අගෝස්තු 10 වෙනිදා ලංකාවේ වේලාවෙන් පාන්දර 1.25 ට 200m අවසාන තරගේ තියෙන්නේ. එකත් උසේන් ජයගනියි කියලා හිතනවා. සමහරවිට වාර්තාවත් අලුත් කරන්න ඉඩ තියෙනවා. ගොඩාක් අය හිතුවා 100m අවසානේ තරගේ ටයිසන් ගේ හරි යොහාන් බ්ලේක් හරි බෝල්ට්ගේ ආදිපත්‍ය බිඳියි කියලා. මටත් වෙලාවකට පොඩ්ඩක් සැක හිතුනා. එත් ඒවා එහෙම නෙමෙයි කියලා උසේන් කොලුවා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. කොහොමින් කොහොමහරි ටයිසන් ගේට නම් බලාපොරොත්තු අත අරින්න වුනා. ඒ වෙනුවට ගැට්ලින් තමයි ඒ ස්ථානය ගත්තේ. යොහාන් බ්ලේක්ටනම් පැහැදිලි අනාගතයක් තියෙන බව පේනවා. උසේන් විශ්‍රාම ගියහම ඒ තැන ගන්න යොහාන්ට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එත් ඒවා අනාගත කතානේ. දැනට තියෙන තත්වේ අනුව නම් උසෙන්ට අභියෝග කරන්න කිසිවෙක් නෑ. මේක උසේන් හොඳටෝම දන්නවා. එක නිසයි කැමරා පෙන්නන්න බෑ වගේ දකින දකින කැමරාවට මූණ අල්ලලා එක එක වැඩ කිඩ ඉදිරිපත් කරන්නේ. වෙලාවකට නටනවා, භය කරන්න හදනවා, උඩ පනිනවා එකම කෝලම් ගොඩයි. සමහරුන්ට මයික් (microphone-mic) පේන්න බෑ ගිරිය පුප්පන් කෑගහන්න හදනවනේ(මයික් ටයිසන් ලා කියලත් මේ අයට අපේ සරල ව්‍යවහරේ කියනවා.) ඒවගේ තමයි මේ උසේන්ටත් කැමරා පේන්න බෑ. විවිධ හැඩතල මවනවා. සරලව කිව්වොත් කැටයම් දෙයියෙක්. එත් ඒවා තුල අනිත් අයගේ වගේ ලොකු කම නම් නැහැයි කියලා මම හිතනවා. ක්‍රිකට් තරුවක් වෙන්න හීන මවමින් ඉදලා අහම්බෙන් මලල ක්‍රීඩාවලට යොමු වෙලා, ලොවක් කැලඹු මේ තරුණ ක්‍රීඩකයාට හොද අනාගතයකුත් , තව තවත් වාර්තා තබමින් ක්‍රීඩා ලොව ජයගැනීමේ හැකියාවත් ලැබේවා කියලා අපි පතනවා...
යාවත්කාලීන කිරීම (update) :
උසේන් බෝල්ට් 200m අවසාන තරගයද ජයගත් අතර 1,2,3 යන ස්ථාන 3ම ජැමෙයිකාවට හිමිවීම මෙම තරගයේ විශේෂත්වයක් වුනා. ඒ අනුව රන් පදක්කම උසේන් බෝල්ටද(තත්. 19.32), රිදී පදක්කම යොහාන් බ්ලේක්ටද(තත්. 19.44), ලෝකඩ පදක්කම වැරන් වියර්ටද(තත්. 19.84) හිමි වුනා. එසේම පිට පිට දෙවතාවක් ප්‍රධාන කෙටි දුර ධාවන තරග 2 ඔලිම්පික් රන් පදක්කම් දිනූ ලොව එකම ක්‍රීඩකයා බවට උසේන් පත්වුනා.
Tweet




0 අදහස් සහ ප්‍රතිචාර
Post a Comment